චිලි පේස්ට් | Chilli Paste (Sri Lankan Style)

chili paste (Sri Lankan Style)


අමුද්‍රව්‍ය (Ingredients):

* තම්බා වේලපු ඉස්සෝ / කූනිස්සෝ 150 g (කූනිස්සෝ වෙනුවට උම්බලකඩ / හාල්මැස්සෝ ගන්නත් පුලුවන්.)  (150 g boiled and dried shrimp / tiny shrimp )

* කෑලි මිරිස් (chilli flakes) 50 g 

* සීනි (sugar) 50 g

* ඉගුරු (ginger) 50 g  (ඉගුරු කුඩු යොදා ගන්නත් පුලුවන්)

* සුදු ළුණු ගෙඩි 1 ක් (garlic) (25 g)

* ලුණු කුඩු තේ හැදි 2 ක්  (රස අනුව දමාගන්න) (2 tsp salt powder)

* පොල්තෙල් (coconut oil) / එලවළු තෙල් (vegetable oil) / Olive ඔයිල් (olive oil) 180 ml

* සෝයා සෝස් මේස හැදි 2 ක් (2 tbsp soy sauce)

* තක්කාලි සෝස් මේස හැදි 4 ක් (4 tbsp tomato sauce)

අමතරව ගන්න පුලුවන් (Optional):

* රතු ළුණු ටිකක් (A few red onions)

* කරපිංචා (Curry leaves)



සාදන ආකාරය (Method):

1 - මුලින්ම පෑන් එකක් ලිපේ තියලා තෙල් 180 ml දමා ගන්න. තෙල් ටික රත් වී ගෙන එනකොට බ්ලෙන්ඩ් කර ගත්ත සුදුළුණු ගෙඩියක් සහ ඉගුරු 50 g දමා හොදින් කවලම් කරගන්න. වඩාත් රසවත් කිරීමට සහ සුවදවත් කිරීමට එයට කරපිංචා කොල ටිකකුත් දාමා ගන්න. (කැමති නම් රතුළුණු ටිකකුත් දාගන්න පුලුවන්.)

(First, place a pan on the stove and add 180 ml of oil. Once the oil heats up, add the blended garlic and 50 g of ginger. Stir well. For extra flavor and aroma, add a few curry leaves. You can also add some sliced red onions if you like)

2 - රන් වන් පැහැයට ආවහම ඒකට කෑලි මිරිස් 50 g එකතු කරගන්න.

(When the mixture turns golden brown, add 50 g of chilli flakes.)

3 - දැන් ලිප off කරගෙන හොදින් කලවම් කරගන්න. 

(Turn off the heat and mix everything well.)

4 - වේලපු ඉස්සෝ / කූනිස්සෝ ටික බ්ලෙන්ඩ් කරගෙන කලවම් කරගත් එකට දමා කලවම් කරගන්න.

(Blend the dried shrimp / tiny shrimp and add them to the mixture. Stir well.)

5 - ඉන්පසු එයට ලුණු කුඩු තේ හැදි 2 ක් (රස අනුව දමා ගන්න), සෝයා සෝස් නේස හැදි 2 ක් දමා කලවම් කරගන්න.

(Then add 2 tsp of salt (adjust to taste) and 2 tbsp of soy sauce. Mix thoroughly.)

6 - දැන් ලිප ON කරලා අවම මට්ටෙමේ තියා ගෙන එයට සීනි මේස හැන්දක් දමා කලවම් කරගන්න.

(Turn the heat back on to low flame and add 1 tbsp of sugar. Stir well.)

7 - තක්කාලි සෝස් මේස හැදි 4 ක් දමා විනාඩි 3-4 ක් හොදින් කලවම් කරගන්න.

(Add 4 tbsp of tomato sauce and cook while stirring for about 3–4 minutes.)

8 - විනාඩි 3-4 ක් වගේ යනකොට බලාගන්න පුලුවන් වේවි චිලි පේස්ට් එකේ තෙල් ගතිය වැඩිවෙනවා, එවිට එය ලිපෙන් ඉවත් කරගෙන නිවෙන්නට තියන්න.

(After 3–4 minutes, you will notice the oil separating from the chilli paste. At this stage, remove it from the heat and let it cool.)

9 - හොදින් නිවුනට පසුව භාජනයක ඇසුරුම් කිරීම මගින් ඔයා හදාගත්තු චිලි පේස්ට් එක කල්තබා ගන්න පුලුවන්. (අවම මාස 2-4 ක් වගේ)

(Once completely cooled, store the chilli paste in a clean container. It can be preserved for about 2–4 months.)


Watch Full Video

Other Related Recipes


උපදෙස් (Tips):

1. මිරිස් පිළිස්සීම වළක්වා ගැනීම සඳහා අඩු තාපයක් භාවිතා කරන්න. 

(Use low heat to avoid burning the chilli flakes)

2. ගබඩා කිරීමට පෙර මිරිස් පේස්ට් සම්පූර්ණයෙන්ම සිසිල් වී ඇති බවට වග බලා ගන්න.

(Make sure the chilli paste is completely cooled before storing)

3. රාක්කයේ ආයු කාලය දීර්ඝ කිරීම සඳහා පිළිගැන්වීමේදී සෑම විටම වියළි හැන්දක් භාවිතා කරන්න.

(Always use a dry spoon when serving to extend shelf life)


Follow Our Social Medias


Previous Post Next Post